ඉන්දියාව සහ බ්‍රිස්බන් අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට සැළසුම්

ඉන්දියාව සහ බ්‍රිස්බන් අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.

බ්‍රිස්බන් නුවර ඉන්දීය කොන්සල් කාර්යාලයක් ස්ථාපිත කිරීමෙන් අනතුරුව ඊට අදාල මූලික කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

දැනට ක්වීන්ස්ලන්ඩ් සිටින ඉන්දීය ප්‍රජාව කොන්සල් කටයුතු සඳහා වෙනත් ප්‍රාන්ත වෙත ගමන් කල යුතු අතර නව කාර්යාලය ස්ථාපිත කිරීමෙන් පසු ඔවුන්ට පහසුකම් රැසක් හිමිවීමට නියමිතයි.

එමෙන්ම බ්‍රිස්බන් සහ ඉන්දියාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමෙන් පසු ගුවන් ගමන් සඳහා ගතවන කාලයද සැළකිය යුතු මට්ටමකින් අඩුවන බව සඳහන්.

දැනට බ්‍රිස්බන් ගුවන් තොටුපළ වෙත පැමිණෙන මගීන්ගෙන් 03 වන ස්ථානයට වැඩිම පිරිසක් පැමිණෙනුයේ ඉන්දියාවේ සිට බවටයි හඳුනාගෙන ඇත්තේ.

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

Read More »