ගිණිගත් සිඩ්නි ගොඩනැගිල්ල පිටුපස කඩාකප්පල්කාරී ක්‍රියාවක් ?

සිඩිනි නාගරික කලාපයේ පිහිටා තිබූ ඊයේ හටගත් දැඩි ගින්නකින් විනාශයට පත්වූ 07 මහල් ගොඩනැගිල්ල සුපිරි හෝටලයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතව තිබු බව අනාවරණ වී තිබෙනවා.

2019 වසරේදී එම සැළසුම සකස් කර තිබී ඇති අතර වැය කිරීමට යෝජනා වී තිබූ මුදල ඩොලර් මිලියන 40 ක් ලෙසටයි තක්සේරු කර තිබුණේ.

2020 වසරේදී ඊට අදාළ අනුමැතිය ලැබී තිබුණද කොවිඩ් වසංගතය හමුවේ අදාළ ඉදි කිරීම් වසර කිහිපයක් ප්‍රමාදවී පැවති බව සඳහන්.

ඊයේ පස්වරු 04 ට පමණ හටගත් දරුණු ගින්නකින් මෙම ගොඩනැගිල්ල මුලුමනින්ම විනාශයට පත්වූ අතර නිවු සවුත් වේල්ස් පොලිසිය සැක පළකරන්නේ මෙය කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක ප්‍රථිඵලයක් බවටයි.

ඒ අනුව 13 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමද මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »