සුව පහසු විශ්‍රාම දිවියකට ඔස්ට්‍රේලියානුවන්ට අවශ්‍ය අවම මුදල ඉහළට

සුව පහසු විශ්‍රාම දිවියක් සඳහා ඔස්ට්‍රේලියානුවන්ට අවශ්‍ය අවම මුදල ඉහළ ගොස් තිබෙනවා.

යුවළක් සඳහා අවම වශයෙන් ඩොලර් 70,482 ක මුදලක් සහ තනි පුද්ගලයෙකු සඳහා ඩොලර් 50,004 ක මුදලක් අවශ්‍ය බවයි නවතම සංඛ්‍යාලේඛණ වාර්තාවල දැක්වෙන්නේ.

මෙය පසුගිය කාර්තුවට වඩා සියයට 1.1 ක ඉහළයාමක් වන අතර වසරක කාලය සැළකීමේදී සියයට 7.7 ක ඉහළයාමක් වනවා.

ආහාර – බලශක්ති – ඉන්ධන සහ අනෙකුත් භාණ්ඩ හා සේවා වල මිළ ගණන් සැළකිය යුතු ලෙස ඉහළයාමයි මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ.

එමෙන්ම රෝහල් ගාස්තු සියයට 4.2 කින් – ඖෂධ ගාස්තු සියයට 4.5 කින් සහ රක්ෂණ වාරික ගාස්තු සියයට 3.5 කින් පමණ ඉහළයාමද විශ්‍රාමිකයන්ට දැඩිව බලපා ඇති බවයි දත්ත වාර්තාවල සඳහන් වන්නේ.

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »