නිව් සවුත් වේල්ස් රජය පෙර පාසල් ළමුන් සඳහා නොමිලේ ළමාරක්ෂක සේවා ලබා දීමට තීරණය කරයි.

නිව් සවුත් වේල්ස් රජය පෙර පාසල් ළමුන් සඳහා නොමිලේ ළමාරක්ෂක සේවා ලබා දීමට තීරණය කරයි.

NSW government announces free childcare for pre-schoolers ahead of the state budget

ප්‍රාන්ත රජයේ අයවැය ඉදිරිපත් කිරීමට පෙර​ නිව් සවුත් වේල්ස් රජය පෙර පාසල් ළමුන් සඳහා නොමිලේ ළමාරක්ෂක සේවා ලබා දීමට ප්‍රකාශයට පත් කිරීමත් සමඟ අමතර වසරක් සඳහා, අවුරුදු 3 සිට 5 දක්වා ළමුන්ගේ දෙමව්පියන්ට ප්‍රජා පෙර පාසල්වල සතියකට පැය 15 ක් දක්වා නොමිලේ ළමාරක්ෂක සේවා ලබා ගත හැකිය.

මෙමඟින් ළමුන් 44,000 කට ප්‍රතිලාභ සැලසෙන බව ප්‍රාන්ත රජය පවසයි.

“සාමාන්‍ය පවුලකට එය වසරකට ඩොලර් 2000 ක් පමණ ඉතිරියක්” යැයි NSW අගමැති Gladys Berejiklian අද වාර්තාකරුවන්ට පැවසීය.

සිඩ්නි හි වඩාත්ම ‘ප්‍රමුඛතා’ campusවල යටිතල පහසුකම් ව්‍යාපෘති 1000 ක් සඳහා අර්ධ වශයෙන් අරමුදල් සැපයීම සඳහා NSW රජය ඩොලර් මිලියන 120 ක් වැය කරනු ඇත.

වනජීවීන්ට ආධාර කිරීම සඳහා Taronga සත්ව උද්‍යානයේ රෝහලක් සඳහා​ රජය ඩොලර් මිලියන 37.5 ක් වැය කරනු ඇත.

(9News)

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »