දේවගැති ජෙරම්ගේ ප්‍රකාශය ගැන ජනපති නියමයෙන් CID විමර්ශන

ආගමික සංහිඳියාවට හානිදායක ප්‍රකාශයක් කල දේවගැති ජෙරම් ප‍්‍රනාන්දු ගැන පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දී ඇත.

මෙවන් වගකීම් විරහිත ප්‍රකාශ නිසා ආගමික ගැටුම් නිර්මාණය වී සංහිඳියාවට බලපෑමක් විය හැකි නිසා එකී ප්‍රකාශය ගැන පුළුල් පරීක්ෂණයක් කොට තමාට වාර්තා කරන්නැයිද ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙත ජනාධිපතිවරයා දන්වා ඇත.

ඒ අනුව දේවගැතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව ජනාධිපතිවරයා දුන් නියෝග පරිදි වහා  පරීක්ෂණයක් අරඹන ලෙස සාගල රත්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

ජෙරම් ප්‍රනාන්දු නමැති කිතුණු දේවගැතිවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශයකට අදාළ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර එය රට තුළ මහත් ආන්දෝලනයට තුඩුදුනි.

ඔහු එහිදී කළ ප්‍රකාශවලින් බුදුන්වහන්සේට මෙන්ම තවත් ආගමික විශ්වාසයන්ට නිගරු වන බවට දැඩි දෝෂාරෝපණ එල්ල විය.

ජෙරම් ප්‍රනාන්දු නමැති කිතුණු දේවගැතිවරයාගේ මෙම ප්‍රකාශයට එරෙහිව නව භික්ෂු පෙරමුණ කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

භික්ෂූන්වහන්සේ එමගින් ඉල්ලා සිටින්නේ වහාම ආගමික අරගලයක් ඇතිවීමට පෙර මෙම දේවගැතිවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.

බුදුදහම ප්‍රමුඛව අනෙකුත් ආගම්වලට එරෙහිව අපහාසාත්මක විවේචන කළ මෙම පුද්ගලයාට එරෙහිව නිතීය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පිවිතුරු හෙළ උරුමය ද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »