සේවක හිගය මගහරවන්න වික්ටෝරියා රෝහලකින් අලුත් විසඳුමක්

සේවක හිගය මග හරවා ගැනීමට පාසල්වල උසස් අධ්‍යාපනය හදාරන සිසුන් අර්ධකාලීන රැකියා සඳහා බඳවා ගැනීමට උතුරු වික්ටෝරියා හි රෝහලක් තීරණය කර තිබෙනවා.

පාසල් වේලාවෙන් පසුව පමණක් ඔවුන් රාජකාරි සඳහා අනුයුක්ත කෙරෙන බවයි ඔවුන් පවසන්නේ.

රෝහල් ආපනශාලාව – පිළිගැනීමේ කවුලු – පිරිසිදු කිරීම් සහ නඩත්තු යන අංශ සඳහා මෙම පාසල් සිසුන් යෙදවීමට නියමිතයි.

ඊට අමතරව හෙදියන්ට උපකාර කිරීමේ කටයුතුද ඔවුන්ට පැවරෙනු ඇති.

මේ වනවිටත් සිසුන් 10 දෙනෙකු බඳවාගෙන ඇති අතර ඉදිරියේදී උද්ගතවන සේවක පුරප්පාඩු අනුව තවත් සිසුන් බඳවා ගැනෙන බවද උතුරු වික්ටෝරියා හි අදාළ රෝහල සඳහන් කලා.

හෙද අධ්‍යාපනය හදාරා ඇති සිසුන් වෙතොත් ඔවුන්ට පූර්ණකාලීන රැකියාවක් ලබාදීමට වුවද සළකා බලන බවයි ඔවුන් කියාසිටියේ.

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »