ලැටිටියුඩ් සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ඒකාබද්ධ විමර්ශනයක්

ලැටිටියුඩ් ෆයිනෑන්ෂල් මූල්‍ය ආයතනයට එල්ලවු සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව සහ නවසිලන්තය විසින් ඒකාබද්ධ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ගණුදෙනුකරුවන් 290,000 කගේ පමණ පුද්ගලික දත්ත සොරා ගැනීම පිළිබඳවයි එහිදී විමර්ශනය කරනු ලබන්නේ.

අදාළ සයිබර් ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාවක් තිබුණේද යන්න පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියානු පුද්ගලික දත්ත නීතිය අනුව කිසියම් අයුරකින් ඔවුන් වරදකරුවන් බවට පත්වුවහොත් ඩොලර් මිලියන 50 ක උපරිමයක් දක්වා වන දඩයක් පැණවෙනු ඇති.

ලැටිටියුඩ් ෆයිනෑන්ෂල් සමාගමට එල්ලවූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ෆෙඩරල් පොලිසිය මෙන්ම ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයද මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක්

මෙම වසරේ ගත වූ කාලය තුළ ලක්ෂ 8ක් ඉක්මවූ විදෙස් සංචා­ර­ක­යන් පිරි­සක් ශ්‍රී ලංකා­වට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

Read More »

සිසුන්ගේ හැසීරිම නිසා ගුරුවරුන්ගේ ආරක්ෂාව ගැන ගැටලුවක්

ඔස්ට්‍රේලියාවේ පාසල් පන්ති කාමර තුළ අනාරක්ෂිත යැයි හැඟෙන ගුරුවරුන්ගේ සංඛ්‍යාව 2022 වසර වන විට සියයට 24.5කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Warragamba වේල්ල ගැන සිඩ්නි අවට ජනතාවට අනතුරු ඇඟවීමක්

පවතින වැසි සහිත කාලගුණික තත්වය හමුවේ සිඩ්නි හි වොරගම්බා වේල්ල සම්පූර්ණ ධාරිතාවට ආසන්නව පවතින අතර ඉදිරි පැය කිහිපය තුළ ඕනෑම වේලාවක පිටාර යාමේ හැකියාව පවතින බව නිව් සවුත්වේල්ස් ජල කළමනාකරණ බලධාරීන් අනතුරු අඟවනවා.

Read More »

මෙල්බන් පදිංචිකරුවෙක් පයට දාන පාවහන් වෙනස් ජාවාරමකට යොදාගත් හැටි

පාවහන් තුළ සඟවා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100කට වැඩි ප්‍රමාණයක් රැගෙන ආ පුද්ගලයෙකු ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ දේශසීමා බලකාය විසින් මෙල්බන්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »