චාර්ල්ස් රජුට ඔස්ට්‍රේලියාව කෙරෙහි විශේෂ උනන්දුවක්

03 වන චාර්ල්ස් රජුට ඔස්ට්‍රේලියාව කෙරෙහි විශේෂ උනන්දුවක් ඇති බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

ඔස්ට්‍රේලියානුවන්ට බලපාන කරුණු රැසක් පිළිබඳ තමා සහ රජු සාකච්ඡා කල බවයි අගමැතිවරයා කියාසිටියේ.

03 වන චාර්ල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය හෙට ලන්ඩන් නුවරදී පැවැත්වෙන අතර විවිධ රටවල රාජ්‍ය නායකයන් ඇතුලු ආරාධිත අමුත්තන් 2,000 ක් පමණ ඊට සහභාගීවීමට නියමිතයි.

අගමැති ඇල්බනීස් සහ චාර්ල්ස් රජු අතර නිල හමුවක් පෙරේදා දිනයේදී පවත්වා තිබුණා.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැතිවරයා අවධාරණය කලේ තමන් චාර්ල්ස් රජුට පූර්ණ පක්ෂපාතීත්වය දක්වන බවයි.

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »