පානදුර මුහුදු වෙරළේ අතරමං වූ තල්මසුන් 100 කට අධික සංඛ්‍යාවක් බේරා ගනී!

පානදුර මුහුදු වෙරළේ අතරමං වූ තල්මසුන් 100 කට අධික සංඛ්‍යාවක් බේරා ගනී!

Sri Lankans rescue over 100 whales stranded in waters near Colombo.

ඊයේ(3/11) පස්වරුවේ සිට පානදුර මුහුදු වෙරළට තල්මසුන් 100කට අධික ප්‍රමාණයක් ගොඩ ගසා ඇති බවට වාර්තා වේ. මෙලෙස අතරමංව සිටි තල්මසුන් බේරා ගැනීමට ඇඳිරි නීතිය නොතකා හරිමින් ප්‍රදේශවාසීන් උදව් කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

මෙම මෙහෙයුමේදී සතුන් 100 ක් පමණ බේරා ගත් බවට වාර්තා වේ. තල්මසුන් හතර දෙනෙකු මිය ගිය බව නාවික හමුදා ප්‍රකාශකයෙක් පැවසීය.

තල්මසුන් නොගැඹුරු ජලයේ අතරමං වන්නේ ඇයිද යන්න බොහෝ දුරට විද්‍යාඥයන්ට අභිරහසක්.

සැප්තැම්බර් මාසයේදී, ට​ස්මේනියාවේ බටහිර වෙරළට ඔබ්බෙන් නොගැඹුරු ජලයේ මෙලෙසම තල්මසුන් අතරමංව වෙරළට ගොඩ ගැසීමෙන් සිය ගණනක් මිය ගියහ.

(Images: Reuters- Dinuka Liyanawatte)

ඔස්ට්‍රේලියාව තුළ ගැටලු හමුවේ සමාජ මාධ්‍ය අභියෝගයක් වෙයි

ඔස්ට්‍රේලියාව තුළ සමාජ මාධ්‍ය යනු ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ සිට ත්‍රස්තවාදය මෙන්ම යුද්ධය දක්වා සියලුම ගැටලු එකිනෙක සම්බන්ධ කරන වඩාත් අභියෝගාත්මක කරුණක් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ශ්‍රී ලාංකික සංක්‍රමණික යාත්‍රා ගැන අලුත් අනාවරණයක්

ගතවූ වසරක පමණ කාලයක් තුල ශ්‍රී ලාංකික බෝට්ටු නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණීමේ සිදුවීම් වාර්තා නොවූ බව ඔස්ට්‍රේලියානු හදිසි කාර්ය සාධක බලකාය පවසනවා.

Read More »

සිඩ්නි ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාවට යන යානයකට දිව ගොස් නගින්න හැදූ පුද්ගලයා අත්අඩංගුවේ

සිඩ්නි ගුවන් තොටුපළේ ආරක්ෂක නියෝග නොතකමින් ගුවන් ධාවන පථය ආසන්නයට දිවගොස් යානයකට නැගීමට උත්සාහ කළ 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »