දකුණු ඕස්ට්‍රේලියා-වික්ටෝරියා ප්‍රාන්ත අතරේ දැඩි දේශ සීමාව ලිහිල් කෙරේ.

දකුණු ඕස්ට්‍රේලියා-වික්ටෝරියා ප්‍රාන්ත අතරේ දැඩි දේශ සීමාව ලිහිල් කෙරේ.

දකුණු ඕස්ට්‍රේලියානු අගමැති Steven Marshall විසින් වික්ටෝරියානුවන් සඳහා තම​ දේශ සීමා නීති ලිහිල් කරන බව ඊයේ(3/11) නිවේදනය කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී හෝටල් නිරෝධායනය වෙනුවට දින 14 ක තම නිවසේ සිට නිරෝධායනය වීමෙන් වික්ටෝරියානුවන්ට දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයට ඇතුළු විය හැකි බව ඔහු පැවසීය.

මෙලෙස තම ප්‍රාන්තය තුලට ස්ථිර පදිංචිය සඳහා අපේක්‍ෂා කරන්නට (ශිෂ්‍යයින් ඇතුළුව​) ද මෙම නිරෝධායන ක්‍රම වේදය අනුගමනය කල යුතුවේ.

වික්ටෝරියා ප්‍රාන්තය අඛණ්ඩව සිව්වන දිනටත් කොරෝනා වෛරස් රෝගීන් වාර්තා නොකිරීමෙන් පසුව තමා මෙම තීරණය ගත් බව Marshall පැවසීය.

තවද ඔහු වැඩි දුරටත් පවසා සිටියේ අඛණ්ඩව දින 14ක් ප්‍රජා සම්ප්‍රේෂණයෙන් කොරෝනා ආසාදිතයින් වික්ටෝරියාහි වාර්තා නොවුවහොත් තවදුරටත් තම දේශ සීමා ලිහිල් කරන බවයි.

(Image: ABCNews)

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »