7-Eleven වෙනත් පාර්ශවයකට අලෙවි කිරීමට යයි

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම වෙළඳසැල් ජාලයක් වන 7-Eleven වෙනත් පාර්ශවයකට අලෙවි කිරීමට තීරණය වී තිබෙනවා.

වර්තමාන කොටස් හිමියන් වෙත සමාගමේ වත්මන් හිමිකාරීත්වය විසින් එය අද දිනයේදී දැනුම් දී ඇති බව සඳහන්.

1977 වසරේදී මෙල්බන් හිදී එක් වෙළඳසැලකින් ආරම්භ කල 7-Eleven ජාලය අද වනවිට නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා – ක්වීන්ස්ලන්ඩ් – ACT සහ බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවල අලෙවි සැල් 750 ක දැවැන්ත ජාලයකින් සමන්විතයි.

ඒවායෙහි සේවය කරන පිරිස 9,000 ඉක්මවා ඇති බවද සඳහන්.

ආහාර – ඉන්ධන ලබාගැනීමේදී පහසු වෙළඳසැල් ජාල (convenience store) අතර ඔස්ට්‍රේලියාවේ ඉහළින්ම සිටින නාමයක් ලෙසයි 7-Eleven සැළකෙන්නේ.

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »