$ මිලියන 105 ක බදු වංචාවට හිටපු බදු ප්‍රධානි දියණියට වසර 08 ක සිර දඩුවමක්

ඩොලර් මිලියන 105 ක බදු වංචාවක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරයෙකුගේ දියණියක වන ලෝරන් ක්‍රැන්ස්ටන් ට වසර 08 ක සිර දඩුවමක් පණවා තිබෙනවා.

2014 – 2017 කාල සීමාවේදී මෙම වංචාව සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇයගේ සහෝදරයා ඇතුලු තවත් 04 දෙනෙකුට එරෙහිවද චෝදනා ගොණු කෙරුණා.

මොවුන් යටතේ පැවති සමාගම් කිහිපයක් හරහා මෙම බදු වංචාව සිදුකර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

ලෝරන් ක්‍රැන්ස්ටන් ට යහපත් කල් ක්‍රියාව මත සිර දඩුවම ලිහිල් කිරීමට අවස්ථාව හිමිවන්නේද වසර 05 කට පසුවයි.

https://www.abc.net.au/news/2023-05-01/lauren-cranston-sentenced-for-tax-fraud-conspiracy/102285782

හතු ආහාරයට ගන්න සොයන ඔස්ට්‍රේලියානුවන්ට සෞඛ්‍ය අංශවලින් උපදෙසක්

හතු හට ගැනීමේ සමය ආරම්භ වීමත් සමග විවිධ හතු වර්ග ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙනවා.

Read More »

යුපුන් අබේකෝන් ඉතාලියේදී ශ්‍රී ලංකාවේ නම බබළවයි

ඉතාලියේ පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 Serie-1 තරග ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් පළමු ස්ථානය ජයග්‍රහණය කර තිබෙනවා.

Read More »