AFL ඉලක්ක කර හෝබාර්ට් වෙත නව ක්‍රීඩාංගණයක්

ඩොලර් මිලියන 240 ක වියදමින් හෝබාර්ට් හිදී නව ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

AFL හෙවත් ඔස්ට්‍රේලියානු පාපන්දු ලීග් තරගාවලිය ඉලක්ක කර ටස්මේනියා ප්‍රාන්තයට නව පාපනදු සමාජයක් ස්ථාපිත කිරීමයි එහි මූලික අපේක්ෂාව වන්නේ.

නව ක්‍රීඩාංගණයේ ඉදි කිරීම් සමග නව රැකියා 4,200 ක් පමණ බිහිවනු ඇති බවටද අනාවැකි පළවනවා.

ඉදි කිරීම් ආරම්භ කරන කාලය හෝ එහි කොපමණ ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවකට අසුන්ගත හැකිද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ටස්මේනියා ප්‍රාන්ත රජයද අනුග්‍රහය සපයන බවට සහතික වී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »