පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු ගැන ඔස්ට්‍රේලියාවෙන් ඔත්තුවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු සමග, ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත්වූ අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ ප්‍රබල නායකයකු සමීප සම්බන්ධතා පවත්වා ඇතැයි ඔස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකාවට දැනුම් දී තිබෙනවා.

ත්‍රස්ත මර්දන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කරුණු වාර්තා කරමින් ඊයේ මේ බව සදහන් කලා.

ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත්වූ අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයා මාලදිවයින් ජාතිකයකු බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියා ආරක්ෂක අංශ ඔහුගෙන් කරනු ලැබූ ප්‍රශ්න කිරීමේදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු සම්බන්ධයෙන් මෙලෙස කරුණු අනාවරණය වූ බවයි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේ.

මෙම සැකකරු ලබන 25 වැනිදා සිට දින 03 ක් සඳහා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට මුදා හරින ලෙසටයි අධිකරණය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ.

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »