ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට සෞඛ්‍ය ඇමති ඇතුළු පිරිස පිරිත් පැන් කළ ගඟට දමයි.

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට සෞඛ්‍ය ඇමති ඇතුළු පිරිස පිරිත් පැන් කළ ගඟට දමයි.

මේ වනවිට ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව පවතින කොරෝනා වසංගතයෙන් රට මුදා ගැනීම අරමුණු කරගෙන රාජකීය වෛද්‍යවරයා ලෙස සැලකෙන ඒලියන්ත වයිට් විසින් විශ්ව ශක්තියෙන් බලගන්වන ලද පැන් කළ සතරක් ගංගාවන් වෙත මුදා හැරීමට පියවර ගෙන ඇති බව mawratanews.lk වෙබ් අඩවිය වාර්තා කර සිටි.

ඒ අනුව ඒලියන්ත වයිට් විසින් ඉන් එක් පැන් කළයක් කොද්දූව ප්‍රදේශයෙන් මාදු ගගටද, සංචාරක අමාත්‍ය ප්‍රසාන්න රණතුංග මහතා විසින් එක් පැන් කළයක් ගම්පහ ප්‍රදේශයෙන් කැලණි ගගටද, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් එක් පැන් කළයක් රත්නපුරේදී කළු ගගටද, උදය ගම්මන්පිල මහතා විසින් එක් පැන් කළයක් කොළඹදී කැළණී ගගටද මුදා හැරීමට පියවර ගෙන තිබේ.

මීට අමතරව අනෙකුත් දිස්ත්‍රික්කවල මැතිඇමැතිවරුන්ටද මේ අයුරින්ම පැන් කළ ලබා දී අදාළ ප්‍රදේශවල ඇති ගංගා ඇල දොළවලට මුදාහරින ලෙස දැනුම් දීමක් කර ඇති බවද දැනගන්නට ඇත.

එම වීඩියෝව පහතින්:

https://fb.watch/1uGBpsDkgR/

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »