ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ දැඩි කුණාටු තත්වයක්! පුද්ගලයින් තිදෙනෙකු සිටි නිවෙසක වහල කඩා වැටී යයි.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ දැඩි කුණාටු තත්වයක්! පුද්ගලයින් තිදෙනෙකු සිටි නිවෙසක වහල කඩා වැටී යයි.

Queensland storm causes Springfield Lakes roof to collapse with three people inside.

අද දින ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ඇති වූ කුණාටු තත්වය හේතුවෙන් Ipswich නගරයේ Springfield Lakes හි පුද්ගලයින් තිදෙනෙකු සිටි නිවෙසක වහල කඩා වැටී ඇති බව වාර්තා වේ.

එම සිද්ධියෙන් පසුව ක්වීන්ස්ලන්ත වෛද්‍ය නිලධාරීන් ස්ථානයට ගිලන් රථයෙන් පැමිණ ඔවුන්ව රෝහල වෙත යොමු කලද ඔවුනට කිසිදු තුවාලයක් සිදුවී නොමැති බව සඳහන්.

මේ අතර කාලගුණ විද්‍යා කාර්යාංශය (BOM) ක්වීන්ස්ලන්තයේ කලාප කිහිපයක් සඳහා හදිසි අනතුරු ඇඟවීම් සිදු කර ඇති අතර Brisbane, the Gold Coast, Ipswich සහ Sunshine Coast යන නගර ඇතුළත් වේ.

බ්‍රිස්බේන් නගරයට දකුණින් පිහිටි Hillcrestහි සෙන්ටිමීටර 13 ක් තරම් විශාල හිම කැට වර්‍ෂාවක් වාර්තා වී තිබේ. ක්වීන්ස්ලන්තයේ Toowoomba, Purga, Amberley, Forestdale Springlake සහ Springlake ඇතුළු අනෙකුත් ප්‍රදේශවලට මෙවැනි හිම වර්‍ෂා පතනය වී ඇති බව සඳහන්.

මේ අතර දේපල හානි පිළිබඳ වාර්තා කිහිපයක් වාර්තා වී තිබේ.

විදේශ සංක්‍රමණිකයින් මිලියන 6කට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වෙයි

විදේශ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාව තුල පුරවැසිභාවය ලබා දීම ආරම්භ කළ දින සිට මේ වන තෙක් සංක්‍රමණිකයින් මිලියන 6කය අධික සංඛ්‍යාවකට මෙරට පුරවැසිභාව හිමිව තිබෙනවා.

Read More »

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »