වික්ටෝරියා Residential Finance Broker සම්මානයට ලාංකිකයෙකුත් නිර්දේශ වෙයි

HASITHA DHARMASENA DARMASENA

MFAA හෙවත් Mortgage and Finance Association of Australia විසින් පවත්වන 2023 Residential Finance Broker සම්මානය සඳහා මෙරට මූල්‍යකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන JETT Finance හි නිර්මාතෘ – ප්‍රධාන විධායක නිළධාරී හසිත ධර්මසේන නිර්දේශ වී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තය වෙනුවෙන් අවසාන වටයට තෝරාගෙන ඇති 05 දෙනා අතුරින් ඔහුද එක් අයෙකු වීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාව පුරා මූල්‍යකරණ ක්ෂේත්‍රයේ නියෝජිතයන් 14,000 කට වැඩි පිරිසක් සාමාජිකත්වය දරන MFAA සැළකෙන්නේ මෙරට නිවාස ණය සහ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් අනුමැතිය ලබාගත යුතු ඉහළම ආයතනයක් ලෙසයි.

එමගින් පිරිනමන මෙවැනි සම්මානයක අවසන් වටයට සුදුසුකම් ලබාගැනීම පවා අතිශය අසීරු කරුණක් වන අතර මූල්‍යකරණ ක්ෂේත්‍රයේ විශ්වාසනීයම සහ ඉහළම වගකීමක් සහිත මූල්‍ය නියෝජිතයන්ට පමණක් එම අවස්ථාව උදාවනවා.

වසර 15 කට වැඩි ක්ෂේත්‍රයේ පළපුරුද්දක් සහිත හසිත ධර්මසේන පසුගිය වසර තුළදීත් ඇගයීම් රාශියකින් පිදුම් ලැබුවා.

Commonwealth බැංකුවෙන් මූල්‍ය ආයතන වෙත පිරිනමන ඉහළම “Platinum broker”ලෙස නම් කිරීම ද ඒ අතර වනවා.

2022 වසරට අදාළව වික්ටෝරියා – දකුණු ඔස්ට්‍රේලියා සහ ටස්මේනියා ප්‍රාන්ත සඳහා වන මූල්‍යකරණ විශේෂඥයා හෙවත් VIC/SA/TAS Broker of the Year 2022 සම්මානය ඔහුට පිරිනමනු ලැබුවේ Specialist Finance Group සමූහය විසිනුයි.

මෙම සම්මාන උළෙල ඔස්ට්‍රේලියාවේ මූල්‍යකරණ ක්ෂේත්‍රයට අදාළව පවත්වන ඉහළම සම්මාන උළෙලක් ලෙස සැළකෙනවා.

එමෙන්ම පසුගිය මැයි මාසයේ පැවති My Local Broker 2021 වාර්ෂික සම්මාන උළෙලේදී සම්මාන 03 කින් ජෙට් ෆයිනෑන්ස් සමූහය සහ එහි නිර්මාතෘ – ප්‍රධාන විධායක නිළධාරී හසිත ධර්මසේන පිදුම් ලැබුවා.

ජනතාවට ආචාර කළ ස්ලෝවැකියාවේ අගමැතිට වෙඩි ප්‍රහාරයක්

ඔහු හැන්ඩ්ලෝවා නගරයේ රැස්ව සිටි පිරිසට ආචාර කරන අවස්ථාවේ වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තුවාල ලැබූ අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කිරීමට ආරක්ෂක අංශය පියවර ගෙන තිබෙනවා. රජයේ රැස්වීමකින් පසුව අගමැතිවරයා පිටතට පැමිණෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ආරක්ෂක අංශ විසින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වනවා. මෙය අගමැතිවරයා ඝාතනයට තැත් කිරීමේ සිද්ධියක් බවට ද සැක මතුවී

Read More »

T20 තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පළමු තැන වනිඳු හසරංගට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම T20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංග සමත්වී තිබෙනවා.

Read More »

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »