ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි ජනගහණයෙන් 80% ක් දැඩි පීඩනයක

ජීවන වියදම සීඝ්‍රයෙන් ඉහළයාම හමුවේ ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි ජනගහණයෙන් සියයට 80 ක් පමණ දැඩි පීඩනයකට ලක්ව ඇතැයි නවතම සමීක්ෂණයකදී අනාවරණ වී තිබෙනවා.

ඉදිරි මාස 12 තුළදී මෙම අගය තවත් ඉහළ යා හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.

සමස්ත ඔස්ට්‍රේලියාවම ආවරණය වන පරිදි තෝරාගත් වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයන් 5,700 දෙනෙකු ආශ්‍රිතව ලබාගත් තොරතුරු මගින් මෙම වාර්තාව එළි දක්වා තිබෙනවා.

ආහාර මිළ – ඉන්ධන ඇතුලු බලශක්ති ගාස්තු සහ සෞඛ්‍ය වියදම් ප්‍රධාන ගැටලු ලෙස මෙහිදී හඳුනාගෙන ඇති අතර නිවාස ප්‍රශ්නයද අවධානය යොමුකල යුතු කරුණක් ලෙසයි සමීක්ෂණයට දායකවුවන් විසින් පෙන්වා දී ඇත්තේ.

දුෂ්කර ප්‍රදේශවල වාසය කරන ජනතාව සහ අඩු ආදායම්ලාභින් මෙහි වැඩිම බලපෑම එල්ල වී ඇති පිරිස බවට හඳුනාගෙන තිබෙනවා.

දැනට මාර්තු සහ සැප්තැම්බර් වලදී සිදුකරන විශ්‍රාම වැටුප් ඉහළ දැමීම් වෙනුවට කාර්තුවකට වරක් එනම් වසරකට අවස්ථා 04 කදී එය සිදුකල යුතු බවටයි මෙම වාර්තාව නිර්දේශ කර ඇත්තේ.

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »