වික්ටෝරියා පුද්ගලික E-scooter රෙගුලාසි රැසක් ලිහිල් කරයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පුද්ගලික E-scooter සම්බන්ධයෙන් පණවා තිබූ රෙගුලාසි රැසක් අද සිට ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව ප්‍රධාන මාර්ගවල පවා පැයට කිලෝමීටර් 60 ක උපරිම වේගයක් සහිතව ඒවා පැද යා හැකි වනු ඇති.

මෙතෙක් එය තහනම්ව පැවති අතර ඩොලර් 925 ක දඩයකට යටත්ව පැවතුණා.

මෙල්බන් නාගරික කලාපයේ සහ Ballarat හි ක්‍රියාත්මක කුළී E-scooter නියමු ව්‍යාපෘතියද තවත් මාස 06 කින් දීර්ඝ කර තිබීම විශේෂත්වයක්.

මේ අනුව ප්‍රධාන වශයෙන් E-scooter භාවිතය තහනම් වන්නේ ඇවිදින මංතීරුවල පමණක් වන අතර අවම වයස් සීමාවද අවුරුදු 18 සිට 16 දක්වා පහළ දමා තිබෙනවා.

වසර 24කට පසු ඔලිම්පික් යන ඔස්ට්‍ර්ලියානු කාන්තාවන්

ඔස්ට්‍ර්ලියානු කාන්තා මීටර 4×100 සහය දිවීමේ කණ්ඩායම නව ජාතික වාර්තාවක් සමගින් මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගත්තා.

Read More »

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »