කොන්සියුලර් – Air Tickets – කාර්මික සේවා සියල්ල ලබන ඉරිදා එකම තැනකදී

ලබන 02 වනදා dandenong showgrounds හිදී පැවැත්වෙන මෙල්බන් බක්මහ උළෙලට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට සේවා රැසක් ලබාගැනීමේ පහසුකම් සළසා තිබෙනවා.

මෙල්බන් කොන්සල් කාර්යාලය විසින් පවත්වන ජංගම කොන්සියුලර් සේවා ඉන් ප්‍රමුඛ වනු ඇති.

වික්ටෝරියා – දකුණු ඔස්ට්‍රේලියා සහ ටස්මේනියා ප්‍රාන්තවල වාසය කරන ලාංකිකයන්ට එමගින් ප්‍රතිලාභ රැසක් අත්වනු ඇති බවයි කොන්සල් කාර්යාලය නිවේදනය කරන්නේ.

ජීවන සහතික සත්‍යාපනය – විවිධ ලේඛණ සහතික කරවා ගැනීම – නව ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කිරීම මෙන්ම සංශෝධන සිදුකරවා ගැනීම වැනි සේවා ඊට අයත්.

එමෙන්ම ද්විත්ව පුරවැසිභාවයට අදාළ ලියකියවිලි / උප්පැන්න සහ රියදුරු බලපත්‍ර සඳහා වන සේවා ද මෙහිදී ලබාගත හැකි බවයි මෙල්බන් කොන්සල් කාර්යාලය සඳහන් කරන්නේ.

මීට අමතරව ඔස්ට්‍රේලියාවේ වාසය කරන ලාංකික ගත් කතුවරුන් විසින් රචිත ග්‍රන්ථද ඇතුලුව සිංහල – ඉංග්‍රීසි ඇතුලු භාෂා කිහිපයක පොත්පත් මිළදී ගැනීමටද මෙල්බන් බක්මහ උළෙලට පැමිණෙන ලාංකික ප්‍රජාවට අවස්ථාව උදාවනවා.

ගුවන් ප්‍රවේශපත්‍ර මිළදී ගැනීම් – විදුලි කාර්මික සේවා තොරතුරු – විවිධ ආහාර පාන මිළදී ගැනීම් ඇතුලු තවත් සේවා ගණනාවක්ද මෙල්බන් බක්මහ උළෙලේදී ලාංකිකයන්ට ලබාගත හැකියි.

ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ඔස්ට්‍රේලියාවේ ආදි ශිෂ්‍ය සංගමය විසින් මෙවර මෙල්බන් බක් මහ උළෙල සංවිධාන කර ඇත්තේ 27 වරටයි.

මෙල්බන් බක්මහ උළෙල සඳහා මාධ්‍ය අනුග්‍රහය සපයනු ලබන්නේ Ausලංකා TV සහ Ausලංකා Radio වෙතිනුයි.

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »