අවම වැටුප වැඩි කිරීම ගැන භාණ්ඩාගාරික ඇමතිගේ තීරණය මෙන්න

උද්ධමනය තවමත් ඉහළ මට්ටක පවතින බැවින් අවම වැටුප ඉහළ දැමීමේ යෝජනාවට තමන්ද සහය පළකරන බව ෆෙඩරල් භාණ්ඩාගාරික ඇමති ජිම් චාමර්ස් පවසනවා.

අවම වැටුප් ලබන්නන් ඉහළ යන ජීවන වියදම හමුවේ දැඩි පීඩනයකට ලක්ව සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

දැනට සියයට 6.8 ක් ලෙස පවතින උද්ධමනයට සමගාමීව සියයට 07 ක වැටුප් වැඩිවීමක් ලැබිය යුතු බවයි වෘත්තීය සමිති අවධාරණය කරන්නේ.

ඒ අනුව අවම වැටුප ඉහළ දැමීමෙි යෝජනාව fair work කොමිසම වෙත යොමු කර ඇති අතර ඔවුන් ලබන මාසයේදී ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

එසේ වුවහොත් ලබන ජූලි මාසයේ සිට මෙරට ලක්ෂ 25 කට ආසන්න අවම වැටුප් ලබන්නන්ගේ පැයක අවම වැටුප ඩොලර් 22.88 ක් දක්වා ඉහළ යනු ඇති.

මේ අතර ලබන සතියට යෙදී ඇති ෆෙඩරල් සංචිත බැංකු පොළී අනුපාතික සංශෝධනය පිළිබඳ නිල වාර්තාව හෙට දිනයේදී ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍යවරයා වෙත යොමු කිරීමට නියමිතයි.

ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ මෙවර cash rate අගයෙහි වැඩිවීමක් සිදුනොවන අතර මැයි මාසයේදී නැවතත් සියයට 3.85 දක්වා පොළී අනුපාතික ඉහළ දැමෙනු ඇති බවයි.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »