වාහනයක් නොමැති ඔස්ට්‍රේලියා කුළී නිවැසියනුත් Parking සඳහා $ බිලියන 06 ක් ගෙවයි

ඔස්ට්‍රේලියාවේ කුළී නිවාසවල වාසය සඳහා පැමිණෙන පුද්ගලික වාහනයක් නොමැති පුද්ගලයන් පවා Parking වෙනුවෙන් අති විශාල මුදලක් ගෙවන බවට නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබෙනවා.

RMIT විශ්ව විද්‍යාලය විසින් මෙල්බන් – සිඩ්නි සහ පර්ත් නගරවල නිවාස සංකීර්ණ 1,300 ක් ආශ්‍රිතව සිදුකරනු ලැබූ සමීක්ෂණයකදීයි මෙම තොරතුරු හෙළිවී ඇත්තේ.

වසරකට මෙලෙස කුළී නිවැසියන් විසින් ගෙවන මුදල ඩොලර් බිලියන 06 කට ආසන්න බවටයි තක්සේරු කර ඇත්තේ.

නිවාස කුළී මුදල් ගණනය කිරීමේදී නිවාස හිමියන් විසින් Parking සඳහා වන ගාස්තුද ඊට ඇතුළත් කරන නමුත් විශාල පිරිසකට වාහනයක් නොමැතිවීම මීට හේතුවයි.

එබැවින් නිවාස කුළී ගණනය කිරීමේදී Parking අවශ්‍යද නොමැතිද යන්න විමසා ගාස්තු තක්සේරු කිරීම වඩාත් සුදුසු බවටයි යෝජනා කර ඇත්තේ.

සමීක්ෂණයට ලක්වූ නිවාස සංකීර්ණ අතුරින් සියයට 20 ක අවශ්‍ය ප්‍රමාණයටත් වඩා රථවාහන නතර කල හැකි ඉඩකඩ පවතින බවද සියයට 14 ක ප්‍රමාණවත් ඉඩකඩ නොමැති බවද අනාවරණය වී තිබෙනවා.

වික්ටෝරියා හි නීතියට අනුව කාමර 02 ක් සහිත නිවාස ඒකකයක් සඳහා අවම වශයෙන් එක් Parking ඉඩකඩක් ද කාමර 03 ට වැඩි නිවාස ඒකකයක් සඳහා Parking ඉඩකඩ 02 ක් හෝ වැඩි ගණනක්ද අනිවාර්යයෙන් පැවතිය යුතුයි.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »