පළමු එක්දින තරගයෙන් නවසීලන්තයට ළකුණු 198 ක දැවැන්ත ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර අද (25) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේ ජය හිමිකර ගැනීමට නවසීලන්තය සමත් විය.

ඕක්ලන්ඩ් නුවර ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාව දිනා ගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා නවසීලන්තයට ආරාධනා කර තිබුණි.

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත ආරම්භ පිතිකරුවන් යුගඝ පළමු කඩුල්ලට ලකුණු 36ක සබඳතාවක් ගොඩනගමින් නවසීලන්තයට වේගවත් ආරම්භයක් ලබාදුනි.

ඒ අනුව නවසීලන්ත පිල පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 274ක් රැස් කිරීමට සමත්වුණි.

ඉන් ලකුණු 21ක්ම අතිරේක ලකුණුවීම ද විශේෂත්වයකි.

සිය එක්දින දිවියේ හොඳම පන්දුයැවීම වාර්තා කළ චාමික කරුණාරත්න ලකුණු 46කට බිඳ හෙලූ කඩුලු සංඛ්‍යාව 4කි.

ලකුණු 275ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිල පන්දුවාර 19යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු  76 ක් පමණි.

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »