ශ්‍රී ලංකාවට ලකුණු 275 ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ පළමුවෙන් පහරදුන් නවසීලන්තය ළකුණු 274 ක් රැස්කලා.

ඕක්ලන්ඩ් හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකගේ ආරාධනයෙන් නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නා.

ඒ අනුව පන්දුවාර 49 යි පන්දු 03 ක් අවසානයේ සියලූදෙනා දැවී ඔවුන් රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 274 ක්.

පන්දු යැවීමේදී චාමික කරුණාරත්න කඩුලූ 04 ක් බිඳහෙලීමට සමත් වූ අතර කසුන් රාජිත සහ ළහිරු කුමාර කඩුලූ 02 බැගින් බිඳ හෙලුවා.

තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව ළකුණු 275 ක් ලබාගත යුතුයි.

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »