ඔස්ට්‍රේලියානුවන් ඉලක්ක කල ඔන්ලයින් කැසිනෝ ජාවාරමක්

ඔස්ට්‍රේලියානුවන් ඉලක්ක කර ක්‍රියාත්මක ඔන්ලයින් කැසිනෝ ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළිවී තිබෙනවා.

ෆේස්බුක් සමාජ ජාලය හරහා දැන්වීම් පළකර ඔස්ටේ්‍රලියානුවන් ඒ වෙත ආකර්ෂණය කර ගැනීම මෙහිදී සිදුවන බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

බටහිර ඉන්දීය කොදෙව් දූපත් තුළ ස්ථාපිත කැසිනෝ සමාගමක් විසින් මෙම ජාවාරම සිදුකරන බව සඳහන්.

ඔවුන්ට ඔස්ට්‍රේලියා බළධාරීන් විසින් මීට ඉහතදීත් අනතුරු ඇගවීම් සිදුකර තිබූ බවටද අනාවරණය වී තිබෙනවා.

කෙසේවෙතත් ෆේස්බුක් සමාගම අයත් මෙටා සමාගම දන්වා ඇත්තේ අදාළ කැසිනෝ සමාගම පිළිගත් නීත්‍යානුකූල සමාගමක් බැවින් තමන්ට මේ සම්බන්ධයෙන් කල හැකි කිසිවක් නොමැති බවයි.

එහෙත් තමන් අනුමත කරන දැන්වීම්වල වගකීම භාරගැනීම ෆේස්බුක් හි වගකීම බව ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය දන්වා සිටිනවා.

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »