Medicare ප්‍රතිලාභ $ මිලියන 200 ක් මෙතෙක් ලබාගෙන නෑ

ඩොලර් මිලියන 200 කට ආසන්න Medicare වන්දි ප්‍රතිලාභ මෙතෙක් ලබා ගෙන නොමැති බවට තහවුරු වී තිබෙනවා.

Services Australia විසින් දන්වා ඇත්තේ නිවැරදි බැංකු ගිණුම් අංක ලබාදී නොමැතිවීම ඊට ප්‍රධාන හේතුව බවයි.

එබැවින් වහා සිය Medicare ගිණුමට පිවිස නිවැරදි බැංකු ගිණුම් අංකය ඇතුළත් කර යාවත්කාලීන කරන ලෙසයි ප්‍රතිලාභ හිමියන්ගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

ටස්මේනියා ප්‍රාන්තයේ පමණක් 20,000 කට ආසන්න පිරිසකට මෙවැනි සුලු දෝෂ හමුවේ වන්දි ලබා ගැනීමට නොහැකි වී සිටින බව සඳහන්.

Medicare ගිණුමේ සියලු තොරතුරු නිවැරදිව සම්පූර්ණ කල පසු වැඩ කරන දින 03 ක් ඇතුළත වන්දි ලබාගැනීමට හැකි බවයි Services Australia දන්වා සිටින්නේ.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »