වික්ටෝරියා – දකුණු ඔස්ට්‍රේලියා Total Fire ban ඉවතට

වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවට පණවා තිබූ පුර්ණ ගින්දර තහනම් (Total Fire ban) ඉවත් කර තිබෙනවා.

කෙසේවෙතත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට එය තවමත් බලාත්මකව පවතිනු ඇති.

අද දිනයේදී බටහිර සිඩ්නි කලාපයේ උෂ්ණත්වය අංශක 40 ක උපරිමයක් ගනු ඇති බවටද කාළගුණ අංශ අනතුරු අගවා සිටිනවා.

මේ අතර ඊයේ දිනයේදී ඉහළ උෂ්ණත්වයක පැවති මෙල්බන් සහ ඇඩිලේඩ් නගරවල උෂ්ණත්ව අගයන් අද දිනයේදී අංශක 30 ට අඩුවෙන් පවතිනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

එහෙත් ක්වීන්ස්ලන්ඩ් උෂ්ණත්වය තවදුරටත් අංශක 35 කට ආසන්නව පැවතිය හැකි බව කාළගුණ නිවේදනයේ සඳහන්.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »