Temporary Skilled වීසා ලාභීන්ගේ වාර්ෂික ආදායම $ 91,000 කරන්නැයි යෝජනා

ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික වීසා මත සිටින පුහුණු ශ්‍රමිකයන්ගේ වාර්ෂික ආදායම් සීමාව ඩොලර් 91,000 දක්වා ඉහළ නැංවිය යුතු බවට ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය යෝජනා කරනවා.

2013 සිට එම අගය පවතින්නේ ඩොලර් 53,900 ක උපරිම සීමාවේ වන අතර එම සීමාව තවත් ඩොලර් 37,000 කින් ඉහළ දැමිය යුතු බවටයි යෝජනා වී ඇත්තේ.

රට තුළ දැනට පවතින පුහුණු ශ්‍රමික හිගය සැළකිල්ලට ගෙන මෙම ඉල්ලීම සිදු කරන බව ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය සඳහන් කර තිබුණා.

ස්වාධීන ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයක් නිර්දේශ කර තිබුණේ තාවකාලික නිපුණතා සංක්‍රමණිකයන් සඳහා වන වාර්ෂික අවම ආදායම් සීමාව ඩොලර් 70,000 ක් දක්වා වැඩි කල යුතු බවටයි.

ස්ථිර නිපුණතා සංක්‍රමණ වැඩසටහන යටතේ පැමිණෙන පුහුණු ශ්‍රමිකයන් සඳහා ඩොලර් 85,000 ක අවම ආදායම් සීමාවක් තිබිය යුතු බවටත් ස්වාධීන ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය යෝජනා කරනවා.

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »

සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ වැඩිපුර මුදල් වැය කරන්නේ මොනාට ද?

ඔස්ට්‍රේලියානුවන් වැඩිපුර මුදල් වැයකරන අංශ හදුනාගෙන තිබෙනවා. ඒ අනුව සුපිරි වෙළඳසැල්, බලශක්ති සපයන්නන් සහ ගුවන් සමාගම්  විශාල ලාභයක් ඉපැයිමේ අරමුණින් ජනතාව වෙත අදික පිරිවැයක් පවරන බවටයි  ආර්ථික විශේෂඥයින් චෝදනා කරන්නේ. මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ඇලන් ෆෙල්ස් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියානුවන් මෙම අංශ ත්‍රිත්වය සදහා බොහෝ විට අධික මිල ගණන් ගෙවන බවයි. ජනතාවට උද්ධමනයේ බලපෑම ඉහළ වන අතර පාරිභෝගිකයින් අඛණ්ඩව එම අංශ සදහා අධික ලෙස මිල ගණන් ගෙවනු ඇති බව සදහන්. ෆෙල්ස් ප්‍රකාශ කළේ මේ

Read More »

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »