කොන්දේසි සහිතව අද මධ්‍යම රාත්‍රියේ සිට මෙල්බන් වැසියන්ට නිවෙස්වලට අමුත්තන් ගෙන්වා ගැනීමට අවස්ථාව සැලසේ.

කොන්දේසි සහිතව අද මධ්‍යම රාත්‍රියේ සිට මෙල්බන් වැසියන්ට නිවෙස්වලට අමුත්තන් ගෙන්වා ගැනීමට අවස්ථාව සැලසේ.

Rules around Victorian home visits outlined.

ගෘහස්ත​ පරිසරය “මෙම වෛරසය පැතිරීම සඳහා වඩාත් භයානක ස්ථානය” බව වික්ටෝරියානු අගමැති Daniel Andrews අවධාරණය කර ඇත.

නමුත්, අද(27/10) මධ්‍යම රාත්‍රියේ සිට මිනිසුන්ට නැවත නිවෙස්වලට අමුත්තන් ගෙන්වා ගැනීමට හැකි වේ.

“වැඩිහිටියන් දෙදෙනෙකුට ඔවුන් ගේ යැපෙන්නන් සමඟ වෙනත් නිවසකට යාමට හැකි වනු ඇත.

“අවම වශයෙන් ඉදිරි සති දෙක සඳහා කිලෝමීටර් 25 සීමාව තුළ සංචාරයන් සිදුවිය යුතු අතර දිනකට එවැනි එක් සිදුවීමක් පමණක් සිදුවිය හැකිය.

“උදාහරණයක් ලෙස​ අම්මයි තාත්තයි දරුවෝ දෙන්නයි කිලෝමීටර් 25 ක් ඇතුලත සිටින තම ආච්චි සහ සීයා බැලීමට යා හැකිය​. එහි රැඳී සිටීමට නිශ්චිත කාල සීමාවක් නැති නමුත් ඔවුන් පිටත්ව ගිය පසු ඔවුන්ට වෙනත් නිවසක​ කිසිවෙකු බැලීමට නොහැකිය. ආච්චිට සහ සීයාට ද එදින වෙනත් අමුත්තන් ගෙන්වා ගැනීමට නොහැකිය​.” Andrews පැහැදිලි කලේය​.

තම නිවසට පැමිණෙන්නේ කවුරුන්ද යන්න පිළිබඳ වාර්තාවක් තබා ගන්නා ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »