වැඩිම වේලාවක් surfing කර ඔස්ට්‍රේලියානුවෙකු ලෝක වාර්තාවක් තියයි

ලොව වැඩිම වේලාවක් රළ මත ලිස්සා යාමේ (surfing) ලෝක වාර්තාව තමන් සතු කර ගැනීමට ඔස්ට්‍රේලියානු ජාතික රළ මත ලිස්සා යාමේ ශූරයෙකු වන 40 හැවිරිදි බ්ලේක් ජොන්ස්ටන් සමත්වී තිබෙනවා.

මෙතෙක් පැවති පැය 30 යි විනාඩි 11 ක ලෝක වාර්තාව ඔහු විසින් සිඩ්නි වෙරළ තීරයකදී අද පෙරවරුවේ බිඳ හෙලූ අතර තවත් පැය 10 ක කාලයක් අඛණ්ඩව රළ මත ලිස්සා යාමටයි ඔහු සූදානමින් පසුවන්නේ.

ඒ අනුව පැය 40 කාලයක් රළ මත ලිස්සා යමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමටද බ්ලේක් ජොන්ස්ටන් අපේක්ෂා කර සිටිනවා.

තරුණ මානසික සෞඛ්‍යය නගා සිටුවීමේ අරමුණින් ක්‍රියාත්මක ස්වේච්ඡා සංවිධානයක් වෙත ආධාර ලබාදීමේ අරමුණ ඇතිවයි ඔහු මෙම ක්‍රියාවේ නිරත වන්නේ.

දැනටමත් බ්ලේක් ජොන්ස්ටන් විසින් ඩොලර් ලක්ෂ 02 කට වැඩි මුදලක් එම සංවිධානයට පිරි නමා අවසන්.

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »