වික්ටෝරියා පතලක ගින්නකින් සිරවී සිටි පතල් කම්කරුවන් 15 දෙනාගේ දිවි ගලවා ගනී

මධ්‍යම වික්ටෝරියා හි පතලක හටගත් ගින්නකින් පසු එහි සිරවී සිටි පතල් කම්කරුවන් 15 දෙනෙකුගේ දිවි ගලවාගෙන තිබෙනවා.

අද අලුයම 12.30 ට පමණ මෙම ගින්න හටගෙන තිබූ අතර එය නිවා දැමීමට කම්කරුවන් සමත්වී තිබුණා.

කෙසේවෙතත් හටගත් දුමාරය හමුවේ පිටතට පැමිණීමට නොහැකිව ඔවුන් එතුළ පැය 06 කට ආසන්න කාලයක් සිරවී සිටි බව සඳහන්.

ඔවුන් 15 දෙනාම නිරුපද්‍රිතව අද පෙරවරු 06.30 පමණ වනවිට පිටතට රැගෙන ඒමට සහන කණ්ඩායම් සමත්වි තිබෙනවා.

පතල් කම්කරුවන් කිසිවෙකුත් තුවාල ලබා නොමැති අතර ගින්නට හේතුව පිළිබඳ හේතු සොයා විමර්ශනයක් ක්‍රියාත්මකයි.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »