කාන්තා ලෝක කුසලානයේ 02 වන තරගයෙනුත් ලංකාවට ජය

පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගී වූ දෙවන තරගය ද ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණා.

ඒ, බංග්ලාදේශ කාන්තා කණ්ඩායම කඩුලූ 07 කින් පරාජයට පත්කරමිනුයි.

කේප්ටවුන් හි දී පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 08 ක් දැවී ලකුණු 126 ක් රැස්කලා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 2 ක් අවසානයේ කඩුලූ 3 ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කලා.

මේ අතර පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට පසුගියදා සුවිශේෂී අවස්ථාවක් ලැබී තිබුණා.

ඒ නවසීලන්තය සහ ඔස්ටේ්‍රලියාව අතර තරගයේදීයි.

එහිදී තරග තීරක ලෙස මිචෙල් පෙරෙයිරා සහ විනිසුරු ලෙස නිමලි පෙරේරා කටයුතු කරනු ලැබුවා.

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »