වසර අවසානය වනවිට ඔස්ටේ‍රලියාවේ නිවාස මිළ 10% කින් පහළට

මෙම වසර අවසානය වනවිට ඔස්ටේ‍රලියාවේ නිවාස මිළ ගණන් සියයට 10 කින් පමණ අඩුවිය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා.

වැඩිම පහළයාමක් වාර්තා වනු ඇත්තේ සිඩ්නි – බ්‍රිස්බන් සහ කැන්බරා නගරවල බවටයි අනාවැකි පළකර ඇත්තේ.

මෙල්බන් සහ හෝබාට් නගරවල නිවාස මිළ ගණන් ඊට වඩා අඩු අගයකින් පහළ යනු ඇති අතර ඇඩිලේඩ් – ඩාර්වින් සහ පර්ත් නගරවල නිවාස මිළ ගණන් සියයට 09 කට වඩා අඩු අගයකින් පහළ යනු ඇති බව සඳහන්.

කෙසේවෙතත් සමස්තයක් ලෙස සැළකීමේදී මෙරට නිවාස මිළ ගණන් කොවිඩ් වසංගතය ආරම්භයට පැවති තත්වයට වඩා සියයට 18 කින් පමන ඉහළ අගයකයි පවතින්නේ.

අගය සහ උද්ධමනය යන සාධක වෙනස්වන ආකාරයට නිවාස මිළ ගණන්ද අඩු වැඩි වනු ඇති බවයි විචාරකයන් පෙන්වාදෙන්නේ.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »