ඉන්දියාවේදී 02 වන ඔස්ටේ්‍රලියා ක්‍රීඩකයාත් ආබාධයකට

ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට සහභාගීවීමේ අවස්ථාව ඔස්ටේ්‍රලියා වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ්ට අහිමිවීමේ අවධානමක් මතුවී තිබෙනවා.

ඔහු ආබාධයකට ලක්වීමයි ඊට හේතුව වන්නේ.

මේ වනවිට මිචෙල් ස්ටාර්ක් ද ඇගිල්ලේ ආබාධයකට ගොදුරුවීම හමුවේ පළමු තරගයෙන් ඉවත්වී සිටිනවා.

ජොෂ් හේස්ල්වුඩ් වෙනුවට ස්කොට් බෝලන්ඩ් ඔස්ටේ්‍රලියා කණ්ඩායමට නම් කෙරෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

ඔස්ටේ්‍රලියා – ඉන්දියා පළමු ටෙස්ට් තරගය ලබන බ්‍රහස්පතින්දා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »