ඔස්ටේ්‍රලියා ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වීසා ගැටලුවක්

ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙකු වන උස්මන් ක්වාජාට වීසා ගැටලුවකට මුහුණදීමට සිදුවී තිබෙනවා.

ඒ අනුව ඔහුට ඉන්දීය තරග සංචාරයට කණ්ඩායම සමග පිටත්ව යාමේ ගැටලුවක් නිර්මාණය වී ඇති බව සඳහන්.

ලබන 09 වනදා ආරම්භවීමට නියමිත තරගාවලිය සඳහා ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් ඊයේ සහ පෙරේදා දිනවලදී පිටත්ව ගියා.

එහෙත් උස්මන් ක්වාජාට මෙතෙක් ඉන්දීය වීසා නොලැබීම මත අද දිනය වනතෙක් පිටත්ව යාමට නොහැකිවන බව සඳහන්.

ඔහු පකිස්ථානයේ උපත ලබා තිබීමයි මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ.

2011 වසරේදීත් ඉන්දීය වීසා අයදුම් කිරීමේදී උස්මන් ක්වාජා මෙවැනිම ගැටලුවකට මුහුණ පා තිබුණා.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »