ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඔබට​ මෙවර බදු කප්පාදුවෙන් පසු කොපමණ මුදලක් වෙනදාට වඩා ඉතුරුද​?​

ඕස්ට්‍රේලියාවේ වෙසෙන​ ඔබට​ මෙවර බදු කප්පාදුවෙන් පසු කොපමණ මුදලක් වෙනදාට වඩා ඉතුරුද​?​

When will your tax cuts take place? You will soon see more money in your accounts.

මේ අවුරුද්දේ ඔබේ ගෙවීම් පත්‍රිකාව දෙස සමීපව බැලීමට ඔබට අවශ්‍ය විය හැකිය. සමහරුන් ගේ ගිණුම්වල කලින් අවුරුද්දට වඩා වැඩි මුදලක් ඉතුරු වී ඇතැයි දැකිය හැකි වේ. ඒ සියල්ල සති කිහිපයකට පෙර ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අයවැයෙන් ප්‍රකාශයට පත් කළ බදු කප්පාදුව නිසා ය.

ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) විසින් දැන් ඔබේ බද්ද රඳවා ගැනීමට සේවා යෝජකයන් භාවිතා කරන වගුව​ යාවත්කාලීන කර ඇත.

ඔබට කොපමණ මුදලක් ලැබේද?

ඔබ දළ වශයෙන් ඩොලර් 48,000 ත් 90,000 ත් අතර ආදායමක් උපයන්නේ නම් සතියකට ඩොලර් 20 ක් පමණ වැඩිපුර ලැබෙනු ඇත.

ඊට වඩා උපයන පුද්ගලයින්ට වසරකට ඩොලර් 2,430 ක උපරිම ප්‍රතිලාභයක් ලැබෙනු ඇත.

මධ්‍යම ආදායම් ලාභීන්ට​ බදු වරහන වෙනස් වී ඇති නිසා ඔබට තරමක් වැඩි මුදලක් උපයා ගත හැකි අතර තවමත් අඩු අනුපාතයක් බදු ගෙවිය යුතුය​.

සියයට 19 ක බදු වර්‍ගයේ ඉහළ සීමාව ඩොලර් 37,000 සිට ඩොලර් 45,000 දක්වා ඉහළ ගොස් ඇති අතර සියයට 32.5 ක ඉහළ සීමාව ඩොලර් 90,000 සිට ඩොලර් 120,000 දක්වා ඉහළ ගොස් තිබේ.

Source: Australian Taxation Office

 

ඔබට තවමත් වැඩිපුර මුදලක් ලැබී නැද්ද? මන්ද?

මෙම බදු කප්පාදුවට අදාල වගුව​ ඔක්තෝබර් 13 සිට යාවත්කාලීන කරන ලදි, එබැවින් ඔබට සතිපතා ගෙවනු ලැබේ නම් සහ ඔබේ සේවායෝජකයා ඔවුන්ගේ පද්ධති යාවත්කාලීන කර ඇත්නම්, ඔබට දැනටමත් මුදල් ඔබේ සාක්කුවේ තිබිය හැකිය.

නමුත් ඔබට දෙසතියකට හෝ මාසිකව ගෙවනු ලැබේ නම්, ඔබට තව ටිකක් බලා සිටීමට සිදුවනු ඇත.

ATO විසින් සේවා යෝජකයින්ට ඔවුන්ගේ වැටුප් ගෙවීමේ ක්‍රම යාවත්කාලීන කිරීම සඳහා නොවැම්බර් 16 වනදා දක්වා ලබා දී ඇති බැවින් එක් එක් සේවා ස්ථානය සඳහා වේලාව තරමක් වෙනස් වනු ඇත.

ඔගේ සේවායෝජකයා යාවත්කාලීන කිරීමට ප්‍රමාද නම්, ඔබට එම මුදල් අහිමි වේද?
නැත.

ඔබ ලබන වසරේ ඔබේ බදු වාර්තාවට ඇතුළත් කළ විට සමහර ප්‍රතිලාභ එකවර ගෙවනු ලැබේ.
බදු කප්පාදුව 2020 ජූලි දක්වා යල් පැන යනු ඇත, එබැවින් ජූලි සහ ඔක්තෝබර් හෝ නොවැම්බර් අතර කාල සීමාව සඳහා (ඔබේ සේවායෝජකයා ඔවුන්ගේ පද්ධති යාවත්කාලීන කරන සෑම විටම) ඔබ ඔබේ බදු වාර්තාවට ඇතුළත් කළ විට එකවර එම ප්‍රතිලාභය ඔබට ලැබෙනු ඇත.

ඔබ බදු වාර්තාව ගොනු කරන විට එක් වරකට ප්‍රසාද දීමනාවක් ද ලැබෙනු ඇති බව අමතක නොකරන්න.

ඩොලර් 37,000 ත් 126,00 ත් අතර ආදායමක් උපයන පුද්ගලයින්ට අඩු හා මධ්‍යම ආදායම් බදු කපා හැරීම (low- and middle- income tax-offset) ද ලැබෙනු ඇත (ඔබගේ වැටුප අනුව ඩොලර් 1,080 ක් දක්වා).

විදේශ සංක්‍රමණිකයින් මිලියන 6කට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වෙයි

විදේශ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාව තුල පුරවැසිභාවය ලබා දීම ආරම්භ කළ දින සිට මේ වන තෙක් සංක්‍රමණිකයින් මිලියන 6කය අධික සංඛ්‍යාවකට මෙරට පුරවැසිභාව හිමිව තිබෙනවා.

Read More »

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »