ප්‍රචණ්ඩ සිදුවීම් වැඩිවී ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන නගරයකට මත්පැන් සීමා

නොදන් ටෙරිටරි (Northern Territory) ප්‍රාන්තයේ ඇලිස් ස්ප්‍රිංග්ස් (Alice Springs) නගරයේ ප්‍රචණ්ඩ සිදුවීම් ඉහළයාමත් සමග මත්පැන් අලෙවියට නව සීමා පණවා තිබෙනවා.

ඒ අනුව සඳුදා සහ අගහරුවාදා දිනවල කිසිදු ආකාරයකින් මත්පැන් අලෙවි කල නොහැකි අතර අනෙකුත් දිනවල අලෙවිය පස්වරු 03 සිට රාත්‍රී 07 දක්වා පමණක් සීමා වනු ඇති.

එමෙන්ම එක් පුද්ගලයෙකුට දිනයක් තුළදී මත්පැන් මිළයට ගත හැකි වන්නේද එක් අවස්ථාවකදී පමණයි.

වසර 15 කට ආසන්න කාලයක් පැවති ඇල්කොහොල් සීමා ලිහිල් කිරීමත් සමග ඇලිස් ස්ප්‍රිංග්ස් නගරයේ ප්‍රචණ්ඩ සිදුවීම්වල ඉහළයාමක් පසුගිය දිනවලදී නිරීක්ෂණය වුණා.

ඒ අනුව වහා එම ප්‍රදේශයට ගොස් ගැටලුව නිරාකරණයට පියවර ගන්නා ලෙසටයි විපක්ෂ නායක පීටර් ඩට්න් ඇතුලු පාර්ශව රැසක් අගමැති ඇන්තනී ඇල්බනීස්ගෙන් ඉල්ලා සිටියේ.

ඒ අනුවයි ඔහු ඊයේ දිනයේදී එහි ගොස් නව නියමයන් පණවනු ලැබුවේ.

විදේශ සංක්‍රමණිකයින් මිලියන 6කට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වෙයි

විදේශ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාව තුල පුරවැසිභාවය ලබා දීම ආරම්භ කළ දින සිට මේ වන තෙක් සංක්‍රමණිකයින් මිලියන 6කය අධික සංඛ්‍යාවකට මෙරට පුරවැසිභාව හිමිව තිබෙනවා.

Read More »

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »