වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා නීති ලිහිල් කිරීම ඉක්මන් වන ලකුණු!

වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා නීති ලිහිල් කිරීම ඉක්මන් වන ලකුණු!

Victoria ‘well-placed’ to bring forward next steps of eased COVID restrictions!

අඛණ්ඩව හත්වන දින වික්ටෝරියාහි කොරෝනා ආසාදිතයින් ගණන දහයට අඩු සංඛ්‍යාවක් වාර්තා වූ දිනය අදයි. ඒ අනුව​, වික්ටෝරියා ප්‍රාන්තයේ ඊළඟ මට්ටමේ කොරෝනා නීති ලිහිල් කිරීම ඉදිරියට ගෙන ඒමට “හොඳින් ස්ථානගත” වී ඇත.

අද දින වාර්තා වූ කොරෝනා ආසාදිතයා පිළිබඳ වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති අදහස් දැක්වූයේ ඔහු කලින් ආසාදිත තත්වයේ පසු වූ අයෙක් බවත් සෞඛ්‍ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ වැඩිදුරටත් සමීක්‍ෂණ පවත්වන බවයි.

සෞඛ්‍ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද  ආරම්භක සංඛ්‍යාලේඛනවල දෙවන සිද්ධියක් පැවතුනද, විදේශගතව සිට ආපසු පැමිණ වික්ටෝරියානු ලිපිනයක් ඇති පුද්ගලයා එය අනෙකුත් ප්‍රාන්තයක හෝටල් නිරෝධානයේ පසුවන පුද්ගලයෙක් බවට​ සෞඛ්‍ දෙපාර්තමේන්තුව විසින් සොයා ගන්නා ලදී.

“මම හිතන්නේ එළඹෙන සති අන්තයේ අපට වැඩිපුර කතා කිරීමටත්, නොවැම්බර් 1 වන දිනට නියම කර ඇති වෙනස්කම් කිහිපයක් ඉදිරිපත් කිරීමටත් අපට හැකි වී තිබේ. එය ඉතා හොඳ ආරංචියක්. වික්ටෝරියානුවන්ට තමන් ගැනම ආඩම්බර හැඟීමක් ඇති වේ යැයි සිතමි.”

නමුත් සෙනසුරාදා පැවතීමට නියමිත AFL අවසාන තරඟය සඳහා නීති ලිහිල් කිරීමට නොලැබෙන  බවට​ Andrews තහවුරු කළේය.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ එළඹෙන ඉරිදා දිනයේ  සිල්ලර, පබ්, අවන්හල්, කැෆේ, බාර් සහ තවත් ව්‍යාපාර ගණනාවක් නැවත විවෘත කිරීමට අදාල නීති ලිහිල් කිරීම් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »