ආහාර උද්ධමනය වැඩිම රටවල් අතර ශ්‍රී ලංකාව 07 වන තැනට

ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ලවූ රටවල් අතර ශ්‍රී ලංකාව 7 වෙනි ස්ථානයේ පසුවන බව ලෝක බැංකුව පවසනවා.

ලෝක බැංකු වාර්තා අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 74 ක්.

ආහාර උද්ධමනය සියයට 321 ක්ව පවතින සිම්බාබ්වේ රාජ්‍යය ලෝකයේ ආහාර උද්ධමනයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට ලෙසයි  ලෝක බැංකුව පෙන්වා දෙන්නේ.

ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති දෙවන රට වන්නේ ලෙබනනය යි.

එහි ආහාර උද්ධමනය සියයට 203 ක්. තෙවන රට වෙනිසියුලාව වන අතර එහි ආහාර උද්ධමනය සියයට 158 ක්ව පවතින බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ.

මෙම වසරේ අගෝස්තු මස සිට නොවැම්බර් දක්වා ලබා ගත් දත්ත වලට අනුව ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් පීඩාවට පත් බොහෝ රටවල් අප්‍රිකාව, උතුරු ඇමෙරිකාව, ලතින් ඇමෙරිකාව, දකුණු ආසියාව, යුරෝපය සහ මධ්‍යම ආසියා කලාපයන්ට අයත් වනවා.

අඩු ආදායම් සහ මැදි ආදායම් රටවල් සියල්ලම පාහේ ඉහළ ආහාර උද්ධමනයෙන් පීඩා විඳින බවයි ලෝක බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »