ඔස්ටේ්‍රලියා සරසවියකින් Tingo Education වෙත ඉහළම සම්මානයක්

ඔස්ටේ‍රලියානු උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගැනීමට යායුතු හොඳම ස්ථානය වන Tingo Education Australia වෙත තවත් ඉහළම සම්මානයක් හිමිවී තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවේ ඉහළම ශ්‍රේණිගත කිරීම් සහිත විශ්ව විද්‍යාලයක් වන Edith Cowan විසිනුයි The Rising Star නම් මෙම සම්මානය පිරිනමා ඇත්තේ.

මෙම සම්මානය ලබාදී තමන්ට ඉහළම පිළිගැනීමක් ලබාදීම සම්බන්ධයෙන් Edith Cowan විශ්ව විද්‍යාලයට ප්‍රසාදය පළකරන බව Tingo Education Australia පවසනවා.

Tingo Education Australia විසින් පසුගිය දිනක Interstate Unlocked Family Trip නමින් ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවක නිරත වූ අතර එහිදීයි මෙම ඇගයීම සිදුකර තිබුණේ.

ඔස්ටේ්‍රලියානු උසස් අධ්‍යාපනය කරා යොමුවන සිසුන්ගේ ප්‍රමුඛතම තේරීමක් බවට මේ වනවිට Tingo Education Australia පත්වී තිබෙනවා.

ඔවුන්ගේ මගපෙන්වීම යටතේ සාර්ථකත්වය අත්කරගත් සිසුන් සංඛ්‍යාව දහස් ගණනක් වීම විශේෂත්වයක්.

ඔස්ටේ‍රලියාවේ උසස් අධ්‍යාපනය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙන්ම Tingo Education Australia සමග සම්බන්ධ විය හැකි ආකාරය Tingo Education Australia ෆේස්බුක් පිටුව (https://www.facebook.com/tingoedu) හරහා ලබාගත හැකියි.

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »