දකුණු ඔස්ටේ්‍රලියාවේ රථවාහන වැරදි දඩුවම් දැඩි කරයි

දකුණු ඔස්ටේ්‍රලියාවේ රථවාහන වැරදි සම්බන්ධ දඩුවම් දැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව රිය අනතුරකදී මරණයක් සිදුවූ විට හෝ බරපතල තුවාල සිදුවූ අවස්ථාවකදී වහාම රියදුරු බලපත්‍රය අවලංගු කෙරෙනු ඇති.

දින කිහිපයකට පෙර සිදුවූ මාරක රිය අනතුරකින් 15 හැවිරිදි දැරියක මියයාමත් සමගයි රථවාහන වැරදි සම්බන්ධ නීති දැඩි කිරීමට දකුණු ඔස්ටේ්‍රලියාව තීරණය කර ඇත්තේ.

මීට අමතරව අධිබලැති වාහන සඳහා නව රියදුරු බලපත් කාණ්ඩයක් හඳුන්වාදීමටද තීරණය වී තිබෙනවා.

ඊට අමතරව මැදි බරපතල අවධානම් තත්වයට නම් කර ඇති වැරදි කිහිපයක් සඳහා වසර 05 ත් 07 ත් අතර සිර දඩුවම් නියම කිරීමටයි යෝජනා කර ඇත්තේ.

ඔවුන්ගේ රියදුරු බලපත්‍රයද වසර 03 කට අත්හිටුවෙන අතර ඔස්ටේ‍රිලියාවේ ප්‍රාන්තයක් විසින් මෙවැනි බරපතල දඩුවම් නියම කරන පළමු ප්‍රාන්තය බවට දකුණු ඔස්ටේ්‍රලියාව පත්වනු ඇති.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »