ලේබර් පක්ෂ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් සම්මතයි

මැතිවරණ ප්‍රචාරක සමයේ ලේබර් පක්ෂය විසින් ලබාදුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් ඉටුකරමින් ජාතික දූෂණ මර්දන කොමිසමක් පිහිටුවීමට අදාළ යෝජනාව ෆෙඩරල් පාර්ලිමේන්තුවේදී අද සම්මත වුණා.

ඊයේ පස්වරුවේ සෙනෙට් සභාව ඊට අනුමැතිය දුන් අතර අද පස්වරුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින්ද ඊට අනුමැතිය ලබාදෙනු ලැබුවා.

මේ සඳහා විපක්ෂ මන්ත්‍රීවරුන්ගේද සහය හිමිවීම මෙන්ම ස්වාධීන මන්ත්‍රීවරුන් විසින් ගෙන ආ යෝජනාද ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

ඉහළම රාජ්‍ය නිළධාරීන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට නීති බලගැන්වීම් ආයතන වෙත පුලුල් බලතල හිමිවීමයි මෙහිදී සිදුවන්නේ.

ඒ හරහා රාජ්‍ය අංශයේ අක්‍රමිකතා හැකිතාක් අවම කිරිම ලේබර් රජයේ සැළසුම වී තිබෙනවා.

ඔලිව් තෙල් හැන්දකින් පාලනය කර ගත හැකි රෝග මෙන්න

හාවඩ් විද්‍යාඥයින් විසින් කරන ලද නව අධ්‍යයනයකට අනුව දිනපතා ඔලිව් තෙල් හැන්දක ප්‍රමාණයක් භාවිත කිරීමෙන් ඩිමෙන්ශියා රෝගයෙන් මිය යාමේ අවදානම අඩු කල හැකි බව සොයාගෙන තිබෙනවා.

Read More »

ලොව දිගම Baguette එක ප්‍රංශ බේකරි කණ්ඩායමක් නිපදවයි

ප්‍රංශ බේකරිකරුවන් පිරිසක් පැරිසියේ තදාසන්න ප්‍රදේශයක්වන සුරේස්නස් හි ලෝකයේ දිගම බෑගට් එකක් මීටර් 140.5 (අඩි 461) හදලා ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවලා තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අමෙරිකානු තානාපතිනිය හමුවෙයි

සිය රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශ්මයට පත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව මෙරට අමෙරිකානු තානාපතින ජූලි චේ චන්ග් පවසනවා.

Read More »