O කාණ්ඩයේ රුධිරය හිමි පුද්ගලයින් හට COVID-19 හි අවදානම අඩු බව නව අධ්‍යයනවලින් හෙළි වී තිබේ.

O කාණ්ඩයේ රුධිරය හිමි පුද්ගලයින් හට COVID-19 හි අවදානම අඩු බව නව අධ්‍යයනවලින් හෙළි වී තිබේ.

People with blood type O may have lower risk of COVID-19, new studies reveal.

O කාණ්ඩයේ රුධිරය හිමි පුද්ගලයින් හට COVID-19 වලට ගොදුරු වීමේ අවදානම අඩු විය හැකි අතර දරුණු ලෙස රෝගාතුර වීමේ සම්භාවිතාව අඩු බව ඊයේ ප්‍රකාශයට පත් කරන ලද්දේ අධ්‍යයන දෙකකට අනුව ය.
පුද්ගලයෙකු ආසාදනය වීමේ අවදානම සහ රෝගය දරුණු ලෙස වැළඳීමේ අවස්ථාව සඳහා රුධිර කාණ්ඩය හේතු විය හැකි බවට පර්යේෂණ තවදුරටත් සාක්ෂි සපයයි.
ඩෙන්මාර්ක අධ්‍යයනයකින් හෙළි වූයේ COVID-19 සඳහා ධනාත්මක පරීක්ෂාවට ලක් කළ පුද්ගලයින් 7422 ක් අතරින් O කාණ්ඩයේ රුධිරය ඇත්තේ 38.4% ක් පමණක් බවයි.

අනෙක් අධ්‍යයනයේ දී කැනඩාවේ පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ COVID-19 රෝගයෙන් පෙළෙන දැඩි සත්කාර අංශයේ අසාධ්‍ය තත්වයේ පසුවෙන​ රෝගීන් 95 දෙනෙකු අතර, රුධිරය A හෝ AB වර්ගවලට අයත් බවත් එය​ 84%  වැනි ඉහල ප්‍රතිශතයකි.  ඒ අනුව​, එම අගය O හෝ B රුධිර කාණ්ඩයේ රෝගීන් ගණන හා සැසඳීමේදී ඉතා විශාල අගයකි.

කෙසේ වෙතත්, මේ පිළිබඳ තවදුරටත් පර්යේෂණ සිදු කිරීමට නියමිතයි.

වසර 24කට පසු ඔලිම්පික් යන ඔස්ට්‍ර්ලියානු කාන්තාවන්

ඔස්ට්‍ර්ලියානු කාන්තා මීටර 4×100 සහය දිවීමේ කණ්ඩායම නව ජාතික වාර්තාවක් සමගින් මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගත්තා.

Read More »

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »