ඔස්ටේ්‍රලියානුවන්ගේ Black friday වියදම ගැන අනාවැකියක්

අද සිට ක්‍රියාත්මක Black friday sales දීමනා කාලය තුළදී ඔස්ටේ්‍රලියානුවන් විසින් ඩොලර් බිලියන 04 ක පමණ මුදලක් වියදම් කරනු ඇති බවට තක්සේරු කර තිබෙනවා.

ඉදිරි දින 04 ක කාලය සඳහායි මෙම මුදල පුරෝකථනය කර ඇත්තේ.

එමෙන්ම මෙවර නත්තල් සමය තුළදී ඔස්ටේ්‍රලියානුවන් විසින් වියදම් කරනු ඇති බවට අනාවැකි පළවන මුදල ඩොලර් බිලියන 64 ක්.

එය පසුගිය වසර හා සැසඳීමේදී සියයට 03 ක පමණ ඉහළයාමක් වනවා.

මේ අතර ඊයේ නිකුත් වූ වාර්තාවක සඳහන් වූයේ Black friday sales මුවාවෙන් ඔස්ටේ්‍රලියානුවන් විවිධ වංචාවලට හසුවීමේ වැඩි ප්‍රවණතාවයක්ද පවතින බවයි.

ඔස්ට්‍රේලියානුවන් වයසටත් කලින් වයසට යන හේතුව හඳුනා ගැනෙයි

පවතින මූල්‍ය ආතතිය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් තම සමීපතමයින් සමග වාද විවාද ඇති කර ගැනීමේ ප්‍රවනතාවක් පවතින බව හෙළිව තිබෙනවා.

Read More »

විදේශ සංක්‍රමණිකයින් මිලියන 6කට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වෙයි

විදේශ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාව තුල පුරවැසිභාවය ලබා දීම ආරම්භ කළ දින සිට මේ වන තෙක් සංක්‍රමණිකයින් මිලියන 6කය අධික සංඛ්‍යාවකට මෙරට පුරවැසිභාව හිමිව තිබෙනවා.

Read More »

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »