ඔස්ටේ්‍රලියා රැඳවුම් භාරයේ සිටින්නන් ඉහළට

ඔස්ටේ්‍රලියාව තුළ රැඳවුම් භාරයේ සිටින පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිට එය 40,907 ක් ලෙස පවතින අතර පසුගිය ජූනි කාර්තුව හා සැසඳීමේදී සියයට 01 කින් හෙවත් 280 කින් පමණ පහළ යෑමක් වනවා.

සිර දඩුවම් නියමවූවන් ගණන 25,510 ක් වන අතර ප්‍රජා විශෝධනයට ලක්කර ඇති සංඛ්‍යාව සටහන් වන්නේ 77,861 ක් ලෙසයි.

රැඳවුම් භාරයේ සිටින්නන් අතුරින් වැඩිම පිරිසක් සිටිනුයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ වන අතර එම සංඛ්‍යාව 12,467 ක්.

අඩුම සංඛ්‍යාව වන 390 වාර්තා වන්නේ ACT ප්‍රාන්තයෙනුයි.

සැප්තැම්බර් කාර්තුවේදී සිරකරුවන් 16,251 දෙනෙකු සිර භාරයෙන් නිදහස්ව ඇති අතර ජූනි කාර්තුවේදී එය සටහන්වී තිබුණේ 15,400 ක් ලෙසයි.

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

Read More »