ගෙදර වාහනයේ යන ළමුන්ගෙන් 90% ක් අනාරක්ෂිතලු

පවුලේ මෝටර් රථයේ ගමන් ගන්නා කුඩා දරුවන් අතුරින් සියයට 90 ක්ම අනාරක්ෂිත බව නවතම අධ්‍යයනයකදී අනාවරණ වී තිබෙනවා.

විශේෂයෙන් ළදරු ආසනය නිසියාකාරයෙන් සකස් කර නොතිබීම නිසා ඔස්ටේ්‍රලියාව තුළ සිදුවන අනතුරුවල ඉහළ යෑමක් මෑතකාලීනව දක්නට ලැබෙන බවයි තහවුරු වී ඇත්තේ.

Kidsafe ආයතනය විසින් පසුගිය ජූනි මාසයේදී සිදුකල අධ්‍යයනයකදී හෙළිවී ඇත්තේ පරීක්ෂාවට ලක් කල මෝටර් රථ 350 කින් සියයට 90 කම ළදරු ආසනය නිසියාකාරව සකස් කර නොමැති බවයි.

විශේෂයෙන් දෙමව්පියන් විසින් ඒවායෙහි අඩංගු උපදෙස් නිසි පරිදි කියැවීමකින් තොරව ළදරු ආසන සකස් කිරීම ඊට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

ළදරු ආසන මිළදී ගැනීමේදී නිසි ප්‍රමිතියකින් යුත් ආසන මිළදී ගන්නා ලෙසද Kidsafe විසින් දෙමව්පියන්ට උපදෙස් දෙනු ලබනවා.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »