බටහිර ඔස්ටේ‍රලියා හෙද වර්ජනයට රතු එළියක්

සැළසුම් කර ඇති වර්ජනය වහා අත්හිටුවන ලෙස බටහිර ඔස්ටේ‍රලියාවේ කාර්මික විනිසුරු මණ්ඩලය විසින් හෙද සංගම් වෙත දැනුම් දී තිබෙනවා.

සියයට 05 ක වැටුප් වැඩි කිරීමක් ඉල්ලා හෙට දිනයේදී සංවිධාන කර ඇති වර්ජනය පිළිබඳ අදහස් දක්වමිනුයි ඔවුන් මෙම දැනුම් දීම සිදුකර ඇත්තේ.

සැලකිය යුතු කාලයකට පෙර දැනුම් නොදීම සහ බටහිර ඔස්ටේ‍රලියා ප්‍රාන්ත රෝගීන් අපහසුතාවයට පත්වන බව සැළකිල්ලට ගෙන එය අත්හිටුවන ලෙසට දැනුම්දීමටයි බටහිර ඔස්ටේ‍රලියාවේ කාර්මික විනිසුරු මණ්ඩලය නියම කර ඇත්තේ.

බටහිර ඔස්ටේ‍රිලියා ප්‍රාන්ත රජය විසින් සියයට 03 ක වැටුප් වැඩිවීමක් ලබාදීමට එකග වී තිබියදීයි හෙදියන් විසින් සියයට 05 ක වැටුප් වැඩිවීමක් ඉල්ලා හෙට වර්ජනයක නිරතවීමට පියයවර ගනිමින් සිටින්නේ.

https://www.abc.net.au/news/2022-11-24/wa-nurses-told-not-to-strike-by-industrial-relations-commission/101691290

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »