සිඩ්නි වෙරළ තීරයක අනිද්දා නිරුවතින් ඉන්න අවසර

සිඩ්නි නගරයේ ජනප්‍රියම වෙරළ තීරය වන Bondi වෙරළ තීරය මෙම සති අන්තයේදී Nude beach හෙවත් නිරුවත් වෙරළ තීරයක් බවට පත් කිරීම සඳහා අවසර ලැබී තිබෙනවා.

ඉතිහාසයේ පළමු වරටයි මෙලෙස Bondi, නිරුවත් වෙරළ තීරයක් බවට පත්වන්නේ.

ලොව ප්‍රමුඛ ඡායාරූප ශිල්පියෙකු වන Spencer Tunick විසින් ලබන සෙනසුරාදා දිනයේදී දහස් සංඛ්‍යාත නිරුවත් පිරිසක් යොදා ඡායාරූප ගැනීමේ ඉසව්වක් සංවිධාන කර තිබෙනවා.

ඒ චර්ම පිළිකා පිළිබඳ අවධානය යොමු කරවීමේ අරමුණ ඇතිවයි.

ඒ සඳහා Bondi වෙරළ තීරය අයත් Waverly නගර කවුන්සිලය විසින් අද දිනයේදී අවසර දී තිබෙනවා.

2500 කට ආසන්න පිරිසක් මේ සඳහා සහභාගී වනු ඇති බවටද අනාවැකි පළවනවා.

චර්ම පිළිකා හමුවේ වසරකදී මිය යන ඔස්ටේ්‍රලියානුවන් 2,000 ක් පමණ සිහි කිරීමේ අරමුණ ඇතිවයි මෙම සංඛ්‍යාව යොදාගෙන ඇත්තේ.

මීට වසර කිහිපයකට පෙර සිඩ්නි ඔපෙරා රගහල අසලදීද මෙලෙස විශාල පිරිසක් යොදාගෙන නිරුවත් ඡායාරූප ගැනීමක් සිදුකෙරුණා.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »