VIC- NSW කොවිඩ් ආසාධිතයන් පාලනය කල නොහැකි මට්ටමක

නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පාලනය කල නොහැකි මට්ටමක් දක්වා වර්ධනය වෙමින් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.

නොවැම්බර් 19 වනදායින් අවසන් වූ සතිය තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 27,750 ක් වන අතර එය පෙර සතියට වඩා සියයට 18 ක ඉහළයාමක්.

වික්ටෝරියා ප්‍රාන්තයේ ආසාධිතයන් ගණනද පෙර සතියට වඩා සියයට 18 කින් ඉහළගොස් තිබෙනවා.

දෙසැම්බර් පළමු සතිය වනවිට ආසාධිතයන් සංඛ්‍යාව උච්චතම අවස්ථාවට පත්වන බවටයි වෛද්‍යවරුන් අනාවැකි පළකර සිටින්නේ.

මෙය ඔස්ටේ්‍රලියාවේ 04 වන කොවිඩ් රැල්ල ලෙසයි සැළකෙන්නේ.

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »