ඔස්ටේ්‍රලියා ක්‍රිකට් වෙනසක් – වෝනර් යළි නායකත්වයට ?

ක්‍රීඩකයන් සඳහා වන ආචාර ධර්ම පද්ධතිය වෙනස් කිරීමට ක්‍රිකට් ඔස්ටේ්‍රලියා ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව නැවත වරක් කණ්ඩායමේ නායකත්වයට පත්වීමට ඩේවිඩ් වෝනර් ටද අවස්ථාව හිමිවනු ඇති.

කිසියම් ආකාරයකින් තරග තහනමකට ලක්වන ක්‍රීඩකයෙකුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට ප්‍රතිපාදන සළසාදීමයි මෙමගින් මූලික වශයෙන් අපේක්ෂා කෙරෙන්නේ.

2018 වසරේදී දකුණු අප්‍රිකාවේදී සිදුවූ මතභේදාත්මක සිදුවීමක් සමග එවක කණ්ඩායමේ නායකයා ලෙස සිටි ඩේවිඩ් වෝනර් ට ජීවිතාන්ත නායකත්ව තහණමක් පණවනු ලැබුවා.

නව නීති සංශෝධනය යටතේ ක්‍රීඩකයෙකු ඉදිරිපත් කරන අභියාචනයක් ත්‍රි පුද්ගල කමිටුවක් විසින් සළකා බලා අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »